ආගම යනු කුමන මොහොතේ හෝ පිපිරෙන්නට යන බෝම්බයක් මෙනි.
ආගමය පූජනීයය. ඒ හා අනුබද්ධිත නීතිරීති, සම්ප්‍රදායන්, ඇදහිලි පූජනියය. ඒවා
දෙවියන්ගෙන් පහළ වූ හෙයින්, ඒවායේ වැරදි ඇතිවීමට මගක් නොමැත්තේය. මෙම පසුබිම
තුලින් ආගම පිළිපදින්නන්, ඒ මත ඉතා දැඩි කැමැත්තක් දක්වන්නන්වූ ද, සමහර විට ඒ මත
ආවේගිශීලි හැඟීමෙන් ද යුක්ත වන්නාහ. එහෙයින් ආගම පිළිබඳ විවේචන, ප්‍රතිවිරුද්ධ
අදහස් ඔවුන් විසින් පිළිගත නොහැකි වන්නේය. ඔවුන් හා අදහස් හුවමාරු කරහැනීම පවා
අසීරු කරුණක් වනනේය.
අනාගමිකය, කොම්යූනීස්වාදය ආදිය බිඳ වැටීමෙන් පසු, පසු බෑ
නිසා ආගම්, ජාති බලවේගයෙන් අද ලොවේ ව්‍යාප්ත වෙමින් නැගි සිටී. අනාගමික චින්තන
විලාසයෙන් යුත් අය, නියමිත කාල පරිච්ඡේදයක් බුද්ධිමත් තලයක, රැඳි ක්‍රියා කළද,
සමාජීයිය පොදු තලයේ එය එතරම් පිළිගැනීමකට ලක් නොවීය. දැනුදු, ඔවුන් විසින් සමාජීයිය
තලයේ විශාල කමපනයන් ඇති කරන්නට නොහැකි විය.
ඉස්ලාමයට අනූව මෙය ඉතා අවදානමෙන් වටහා ගතයුතු වන්නේය. එය
දහමක් නොවන බව, එය ඉතා ගැඹුරට අධ්‍යයන කිරීමෙන් වටහා ගත හැකි වන්නේය. පහත දැක්වෙන
දේව දූත මුහම්මද් (සල්) තුමාගේ අදහස අවධානය කරමු.
ඉස්මායිල්ගේ පරපුර (යුදෙව්වන්) නබි වරුන් විසින් පාලනය
කරන ලැබුවෝය. එක් නබි තුමෙකු මිය යෑමෙන්, තවත් නබි කෙනෙකු පහළ වන්නේය. නමුත් මගෙන්
පසු නබි කෙනෙකු පැමිණෙන්නේ නැත. එහෙයින් පැමිණෙන්නේ කලීෆා වරුන්ය. ඔවුන් අධික ලෙස
සිටිති (ෂහිහ් බුහාරි)
එනම්, යුදෙව්වන් අතර, ආගමික පාලන ක්‍රමයක් දැක ගත හැකිව
තිබුණී. නමුත්, මුහම්මද් (සල්) තුමාට පසුව, එසේ නොව, සාමාන්‍ය මිනිසා පාලනය
කරන්නේය, එනම්, ආගමික පාලන ක්‍රමය අහෝසි වී සිවිල් පාලන ක්‍රමයක් දැක ගත හැකි
වන්නේය.
ඉස්ලාමයට අනූව, තවත් සත්‍යක් නම්, ‘ආගමික පුජකවරුන්’ යන
පරිපාලනමය ක්‍රමයක් එහි නොමැත්තේය. සෑම ක්‍ෂේත්‍රයකම විශේෂඥයන් සිටිනා මෙන්
ඉස්ලාමිය නීති ක්‍ෂේත්‍රයේ විශේෂඥයන්, සිටිනා බව දැක ගත හැකි වන්නේය. ඔවුන්,
විවේචන වලට ලක් නොවන්නන් හෝ සමාජය තුළ ආගමානූ කූල බල පෑම් කළ හැක්කේය, යැයි කිසිවෙකු
නොමැත්තේය. කවුරුන් අතර වුවද වරදක් සිදුවිය හැක. අදහස් වැරදිය හැකිය. මෙ අනුව දෑස්
පියාගෙන අනුගමනය කිරීමට තරම් කිසිවෙකු නොමැත්තේය. එමෙන්ම ධම්ය ඉගෙන ගත් හෙයින්, විශේෂිත
පූජණීන්වයක් කිසිවෙකුටත් නොමැත්තේය. සියල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ය. සියල්ල
වැරැද්දක් හෝ මගහැරීමක් කළ හැකිය. එමෙන්ම සියල්ලන් හට ඉස්ලාමය අධ්‍යයනය කළ හැක.
සොයා බැලිය හැක. අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැක. එහෙයින් ඉස්ලාමය ඉතා ගැඹුරට අධ්‍යයනය
කළ කෙනෙකු, එම ක්‍ෂේත්‍රයේ විශේෂඥයෙකු යන තත්වය, ලැබීම හැර ඔහුට ආවේණීක වූ විශේෂිත
ආගමික තත්වයන් කිසිවක් නොමැත. තවද ඔහුට වඩා දෙවියන් වෙත එක්තරා සාමාන්‍ය
පුද්ගලයෙකුගේ තත්වය හා ස්ථානය ඔහුට වඩා ලබා ගැනීමේ හැකියාවක් ඇත්තේය. ඉස්ලාමයේ
අදහස මෙය වන්නේය.
ඉස්ලාමිය නීති අංශය පිළිබද ඵක්තරා සත්‍යයක් මෙහි පෙන්වා
දීම ඉතා අවශ්‍ය දෙයකි. ඉස්ලාමිය නීතිය කොටස් දෙකට බෙදෙන්නේය. ඉන් පලමුවැන්න, දේව
වදන් යන අල්කුර්-ආන්හි වදන් හා දේව දුත මුහම්මද් (සල්) තුමාගේ වචනයන්. දෙවැන්ත,
මිනිසාගේ පර්යේෂණයට ලක්වු මිනිසා නිර්‍මාණය කරන්නාවු නීති රීති. මෙයද කොටස් දෙකකට
බෙදෙන්නේය. එක, දේව වදන් අවබෝධ කර ගැනීම, පර්යේෂණ පැවැන්වීම, මිනිස් ක්‍රියාකලාපය
මත යෙදවීම. දෙක. දේව වදන් නොමැති, මුළුමනින්ම, මිනිස් පර්යේෂණවලට ලක්වු අංශය වේ.
මේ අංශයේ යම් විටෙක න්‍යායයන් හා ප්‍රතිපත්තීන් පමණක්ම දැක ගත හැකිවන්නේය. මේ
අංශයේ, නීතිය සම්පාදනය කරනුයේ මිනිසාය. මේ අනුව ඉස්ලාමිය නීති අංශයේ මිනිස්
පර්යේෂණයට ඉතා විශාල කොටසක් ඇත යන්න ඉතා පැහැදිලිය. මේ අනුවය ඉස්ලාමිය නීතිය,
කාලය, ස්ථානය යන තත්වයන්හට අනුව නම්‍යශීලී වී, වර්ධනය වී පවතින්නේය. මේ අනුව ද එය 'ධර්‍මය' යන
ගුණාංගයන් වෙනස් වන්නේය.
ඉස්ලාමයේ යාඥා ඇදහිලි පවා හුදෙක් සම්පුදායි, හුදෙක් දේව
සම්බන්‍ධකම පමණක් නොව, එය මුලික වු එක්තරා පුහුණු ක්‍රියාදාමයකි. මිනිසාව යහපත්
පුරවැසියෙකු, යහපත් මනුෂ්‍යයෙකු, ලෙස වෙනස් කිරීමේ, එක්තරා පුහුණු ක්‍රියාදාමයක්
ලෙසය, මෙය දැක ගත හැකි වන්නේ. අපරාධවලින් මිනිසා බේරාගැනීමට හා මානසික සෞඛ්‍යය
ආරක්‍ෂා කිරීමේ අරමුණින් සලාතය (නැමදීම), අනිවාර්‍ය කර ඇති බව කුර්-ආනය පැහැදිලි
කරන්නේය. අනෙකුත් යාඥා ඇදහිලි පිළිබද විස්තර කිරීමේදි අල් කුර්-ආනය පවසන්නේ මෙයමය.
මෙම පසුබිම යටතේ, ඉස්ලාමය, ආරම්භ කාලයේ මුස්ලිම් වරු ඉතා
අවධානයෙන් අවබෝධ කර සමාජීයිය ජීවිතයේ පිළිවෙත යැයි ගෙන ක්‍රියා කරන්නට වූහ. තවද,
ඉස්ලාමිය ඉතිහාසයේ ඉස්ලාමය එක්තරා 'දැඩි' ආගමක් ලෙස පිළිඹුම්
කරන්නට උත්සාහ කළ බලවේගයන් ද බිහිවිය. කවාරිජ්, ෂීයා යන පාර්ශවයන් එවන්නන්ය. පසු
කලෙක බිහි වූ 'සහබාවරුන්' ඉස්ලාමය
ආගමක් ලෙස හරවා මුස්ලිම් සමාජයේ ව්‍යාප්ත කිරීමෙහිලා ජය ගත්තෝය.
මෙම නූතන කාලයේ දී ද, මෙවන් බලවේගයන් දෙකම, මුස්ලිම් අතර
දැක ගත හැකි වන්නේය. දැඩි චින්තන පිළිවෙත හා දේව දූතයා, කලිෆාවරුන්ගේ කාල
පරිච්ඡේදය, නූතන කාලයේ ආදේශ කරන්න උත්සාහ දරන කණ්ඩායම් එක් පාර්ශ්වයකි. තවත්
කෝණයකින්, ඉස්ලාමය එක්තරා සිවිල් පරිපාලනය ක්‍රමය ආයුධයක් ලෙස ගෙන, නූතන ලෝක
යථාර්තය හඳුනා ගෙන, ක්‍රියාවලිය නැංවීමට, උත්සාහ දරණ තවත් පාර්ශ්වයකි. ඉස්ලාමය,
ධර්‍මය ලෙස දැක දැඩි චින්තනය, අන්තවාදි ආගමික හැඟීම් ඇත්තාවුන් ඉතිහාසයේ කිසි
දිනෙක මුස්ලිම් සමාජයට මග පෙන්වීමට අපොහොසක් වූහ.
ඔවුන් සැමදාම ජීවත් වූයේ ඉතිහාසයට භාහිරවය. අප කලින්
සඳහන් කළ, අනෙක් පාර්ශ්වයය, කවදත් සමාජයට මග පෙන්වූයේ. එනමුදු නූතන කාලයේ, මෙම
බලවේගයන් දෙක කිසිදු පර්යේෂකයන් මගින්, වෙන් කර හඳුනා ගැනීමට අපොහොසත් විය මාධ්‍යයේ
ඒක පාර්ශ්විය ප්‍රචාරක වෑයමය, මෙයට මුල්ම හේතුව වන්නේ.
ලාංකීය මුස්ලිම් වරුන්ගෙන් ද මේ පාර්ශ්වයන් දෙකම අවධානය
කළ හැකි වන්නේය. එනමුදු, ඉස්ලාමය එක්තරා සිවිල් සමාජයිය, ආයතනයක් ලෙස ගෙන වෙහෙසෙන
යහපත් චින්තන පැහැදීමක්, මුස්ලිම් අතර නොමැත්තේය. යම් තම් වු පැහැදීමක් පමණී, ඔවුන්හට
මෙම අංශයේ ඇත්තේ!
ලාංකීය සුළුතර මුස්ලිම් අතරද, දැඩි නිදන්ගත ආගමික
හැඟීම්, ඇත්තාවුන් කිහිප දෙනෙකු අවධානය කළ හැක. නමුත් මේවා දැකගත හැකිවන්නේ, යාඥාමය
ඇදහිලි, කෑම්, බීම්, ඇඳුම් පැළඳුම්, විවාහය, ස්ත්‍රි-පුරුෂ සම්බන්‍ධතා යන
විෂයයන්හි පමණක්ය.
මෙහි සත්‍යතාවයන් දෙකක් අවධානය කළ හැකිය
1. ඉස්ලාමිය ලොවේ දැකගත හැකිවන අල්-කයිදා, තාලිබාන්
වැනි, සමාජීයිය ජීවන රටාව තුළ ද, අන්තවාදයන් ලෙස ක්‍රියා කරන සංවිධානයන් මෙහි
නැත්තේය.
ඇත්තවශයෙන්ම තාලිබාන්, අල් කයිදා වැනි අන්තවාදි සංවිධාන
ඉස්ලාමිය ලොවේ පවා, ඉතිහාසය එහාට කරවන සංවිධානයන් නොවේ. ඔවුන් ඉතිහාසයට එපිට ජීවත්
වන්නන්ය. මුස්ලිම් පොදු ජනනාව අතර ඔවුන්ට වු, පිළිගැනීම ඉතාමත් අඩුය. ඉස්ලාමිය ලොව
වෙත, ඇමෙරිකානු, යුරෝපීය, රටවල් බලපාන, මිලේඡකම්, බලපෑම් ද, ඒ සමගම ඉස්ලාමිය ලොවේ
දකින්නට ලැබෙන, ඒකාධිකාරි, දුෂණයෙන් පිරුණු, පල් වී ගිය රාජ්‍යයන් ද දැකගතනොහැකි වුයේ
නම්, මෙම සංවිධායන් බිහි වෙන්නේම නැත. ඒවා දිගටම පවතිනුයේ ද නැත. අරාබි වසන්තය
පියවරෙන්, පියවර ජයග්‍රහණය කර, ප්‍රජාතන්ත්‍රවාදය, ඉස්ලාමිය ලොවේ බිහි වේ නම්,
එතැනින්ම මෙම සංවිධායන්ද නිශ්චිත වශයෙන්ම විනාශ වී යන්නේය.
2. ලාංකීය මුස්ලිම් සමාජයේ බටහිර වාදි, පසුබිමේ ජීවත්වන "බුද්ධිමත් ජීවන්", ඉස්ලාමිය චින්තනය ගැඹුරට අධ්‍යයනය නොකළහ. ඔවුන් පාරම්පරික, ඉස්ලාමයේ,
යම් අංශයන් සමග නතර වුහ. ඔවුන් ඉස්ලාමය ගැඹුරුව, අධ්‍යයනය කරන විට දී පමණක්
ඉස්ලාමය පිළිබද නිවැරදි අවබෝධය මුස්ලිම් සමාජය තුළ ව්‍යාප්ත වනුයේ. එමෙන්ම
මුස්ලිම් නොවන්නන්ද, ඉස්ලාමය, පිළිබද මනා දැනුමක් ලබන්නෝය. දැඩි ආගම්වාදි චින්තනය
ද මුස්ලිම් සමාජයෙන් ක්‍රම, ක්‍රමයෙන් බැහැර වන්නේය.
3. ඉස්ලාමිය ලොවේ ඇතිවන්නාවු චින්තන විපර්යාසයන්, හැඟීම්
මෙහි නිවැරදි බලපෑමක් ගෙන නොදුන්නේය. එම නව චින්තනයන් අවශෝෂණ කර ගැනීමේ බුද්ධිමතුන්
ලාංකීය ඉස්ලාමිය තලයේ නැතිවීම එයට හේතුවයි. බටහිර පසුබිමක ජීවත්වන්නන්හට, එම බුද්ධිය
තිබුණද, ඔවුන් ඉස්ලාමිය බුද්ධි තලයේ නොසිටියහ.
මෙම පසුබිමෙහි, මේ රටට ඉස්ලාමිය, නැගුමේ ප්‍රතිරාවය,
භාහිරමය පෙනුමෙන් පමණක් ද, යාඥාමය ඇදහිලි වලින් දක්වන විපර්යාසයන් පමණක්ම ඇත්තේය. එහෙයින්
පල්ලිය තුළ, යම්, යම් ගැටුම් ඇතිවීම අප පිටින්, පිට දකින්නෙමු.
මෙයට වඩා මේ රටේ මුස්ලිම් වැසියන් වෙන කිසිම දෙයක් ලබා නොගන්
බවය මෙහි සත්‍යය වනුයේ.
එහෙයින් මුස්ලිම්
සමාජය තුළ දැකගතහැකිවන දැඩි චින්තන පිළිවෙත, වෙනස් වීමට කලක් ගතවේ. නමුත් අනෙක්
සමාජයක් මෙවන් විෂයයන්හි අන තබන කල්හි එය තවත් දැඩි වන්නේය. එක්තරා දෙයකට බිය
ගැන්වීමක් පැමිණෙන විට එය ඉතා දැඩි ලෙස, ග්‍රහණය කරගැනීම සහජයෙන්ම සිදු වන්නේය.