මුස්ලිම් වරුන් කියන්‍නේ කවරහු ද?
ඔවුන්, මේ රටේ නීතිමය වශයෙන් පිළිගත් වැසියන්ය. දීර්‍ඝ ඉතිහාසමය භූමිකාවක්
ඔවුනට ඇත්තේය. 8 වන ශත වර්‍ෂයේ සිට මේ රටේ, පදිංචි වීමට පටන් ගත් බව ඉතිහාසඥයන්
පවසන්නෝය. මීට කලින්ම ඔවුන් මේ රටේ පදිංචි වී සිටි බව පවසන්නාවු ඉතිහාසඥයන් ද
ඇත්තෝය.
මේ රටේ ජීවත් වන සියලුම ජන කොට්ඨාෂයන් හා සුහදශීලිව, හා නිහතමානීව ජීවත්
වීමට ඉදිරිපත් වුවන්, මුස්ලිම් වරු යන්න, ඉතිහාසමය සත්‍යකි. එනම්, ඔවුන් අතර,
කිසිම අන්තවාදි සංවිධානයක්, මුළු ඉතිහාසය පුරාම ඇති නොවුණී. සංවිධානාත්මකව, මේ රටට,
විරුද්ධව ඔවුන් ක්‍රියා කළේ නැත. සමහර තනි පුද්ගලයන් ගේ වැරදි ක්‍රියාවලියන්
තිබෙන්නට පුළුවන.
අසල් වැසි ඉනිදියාවට, මුස්ලිම් වරු, තම සේනාව මෙහෙයෙවිවේය. ශත වර්‍ෂ
ගණනාවක් එහි බලය තහවුරු කරමින් පාලනය කළහ. ශත වර්‍ෂ ගණනාවක්, ලොවේ ශ්‍රේෂ්ඨතම
රාජධානියක් ලෙස පිළිඹුහ. නමුත්, ඔවුන් ලංකාවට ගොඩබසින විට, ආයුධ හෝ සේනාව සහිත ව,
ගොඩ බැස්සේ නැත. බටහිර රටවල් - එනම් කිතුණු ලොව මේ රටට සේනාවක් යැව්වේය. මේ රට
පාලනය කළහ. රටේ සම්පත් සූරා කමින් සිටියහ.
දකුණු ඉන්දියාවේ, සේනාව මේ රට තුල කිහිප වතාවක්ම, ගොඩබැස්සෝය. එම වකවානුවේ
මේ රටේ ප්‍රදේශ කිහිපයක්ම ඔවුන් පාලනය කරන්නට වූහ.
මුස්ලිම් වරු, සිංහල රජවරු හා ඉතා සමීපව, කාලය ගත කළ බව, ඉතිහාසමය, සාධක
එපමණ ඇත.
අතරින්, පතර, යම්, යම් වැරදි සිදුවුවද, එය මුස්ලිම් තනි පුද්ගලයන් සමහරකුගේ
ක්‍රියා වලියයි. මෙයට මුළු මුස්ලිම් සමාජය වගකිව යුතු වන්නේ නැත.
ඉතා මෑත ඉතිහාසය දිහා බලන කල, මුස්ලිම් වරු, තමන්ගේ අයිතීන් ලබාගැනීමට පවා,
ද්‍රවිඩ සමාජය මෙන් ඉතා දීර්‍ඝ, අරගලයක්, සිදුකළේ නැත. දේශපාලන බහුතර පක්‍ෂයට, එකතුවී ඔවුන් හා ඇලි, ගැලී අවශ්‍යතාවයන් හා අයිතීන් ලබා ගැනීමට
තැන් කළහ.
වසර
30ක ද්‍රවිඩ ආයුධමය අරගලයට, මුස්ලිම් වරු සම්බන්‍ධ වූයේ නැත. එම අරගලයේ ප්‍රතිඵලයක්
වශයෙන්, ඔවුන් 'සරණාගතයින්' බවට පත්වීමේ තත්වයක්
හටගැණුනි. උතුරේ හා නැගෙනහිරේ දි ද්‍රවිඩ ත්‍රස්තවාදීන් මුස්ලිම් වරුන් ඉතා
අමානූෂික ලෙස මරා දැමුවද, මුස්ලිම් අතර 'සන්නද්ධ වූ සංවිධානයන්' බිහි වූයේ නැත.
නමුත් එවන් කල්ලි බිහිවීමට අතරින්, පතර, වෑයම් දැරුවද, ඒවායින් කිසිදු දෙයක් ඉටු
වුයේ නැත.
ද්‍රවිඩ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන්, මුස්ලිම් තනි පක්‍ෂයක් ආරම්භ විය.
එනමුත් එය, එක්තරා, දේශපාලන අය්තිවාසිකම් පිළිබද සංවිධානයක් ලෙසද, ආයතනයක් ලෙස ද,
නොවැඩුණේය. මුස්ලිම් කොංග්‍රසයේ, ඇරම්භක නායකයා වන, අෂ්රෆ් ද, තමාගේ අවසන් කාල
පරිඡේදයේ, ‘නුආ‘ නමැති ‘සියලුසමාජයන්‘ ඒකරාශි කොට, පක්‍ෂයක් පිළිබද සිතන්නට විය.
පසුව එය ගොඩනැගීය. මුස්ලිම් වරු කෙසේ සිතන්නේ ද යන්නට මෙය කදිම උදාහරණයකි.
දැනට මුස්ලිම් කොංග්‍රසය, කැබලි වලට කැඩී, බිඳී ගොස් ඒවා, බහුතර පක්‍ෂය හා
ඇලි සිටින්නාවූ සත්‍යය, අවදානය කිරීමේදි මුස්ලිම් ප්‍රජාවගේ හැසිරීම, මනා අවබෝධ
කරගන හැකි වන්නේය.
අපරටේ, මුස්ලිම් වරු ජනගහණයේ තෙවැනි ස්ථානය දරති, නැගෙනහිරේ, ප්‍රදේශයක් හෝ
දෙකක් හැර, රටේ හැම තැනම විසිරි ජීවත් වන්නාහ. ඉතා සුක්‍ෂම ලෙස බැලු කල, අපනයන
අංශයේ, සහභාගි වන, සමාගම් 3%ට වඩා නොමැත. ඔවුන්හට නිෂ්පාදන කරන ආයතනය ද මෙම ප්‍රතිශතයට
වඩා නොමැත්තේය.
සිල්ලර වෙළදාමෙහි නියුක්ත, වෙළෙඳ අතුරින්, ඔවුන් සැලකිය යුතු ප්‍රමාණයක්
සිටින්නෝය. එයිනූ දු, ‘කාගිල්ස් ෆුඩ් සිටි‘ වැනි මනා ලෙස සැලසුම් කරන ලද ව්‍යපාර
ස්ථාන ඉතාමත් අල්පය.
නගරයන් කිහිපයන්හි, මුස්ලිම් වරුන්ගේ ආර්ථික තත්වයේ මූලිකත්වය ගැනෙන සිල්ලර
වෙළඳ සැල්, අධික ලෙස තිබීම, ඔවුන් ආර්ථිකයේ, උසස් ස්ථානයක සිටිනා බව ව්‍යාපාර
මුහුණ වරක් ගෙන දෙන්නේය.
උදාහරණයක් වශයෙන් මධ්‍යම පළාතේ පිහිටි නගරයක් වන අකුරණ නගරය, ‘කුඩා ඩුබායි‘
යන විරුද්ධා වලිය ලදද, අකුරණ නගරය තුළ, කිදා බැලු කල්හි, මධ්‍යස්ත තරමේ ව්‍යාපාරිකියන්
හා විවිධ තත්වයේ ජනයා, අධික ලෙස සිටිනා බව පැහැදිලිව තේරුම් ගත හැකි වන්නේය.
මුස්ලිම් අතර, එක්තරා ප්‍රමාණයක අධ්‍යාපනික කටයුතු පිළිබද පිබිදීමක් මෑත
කාලයක දකින්නට ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් විශ්ව විද්‍යාල වල පිවිසුමද දැක ගන හැකි
වන්නේය. එනමු දු එය සිංහල ශිෂ්‍යන් හා සංසන්දනය කිරීම තරමට එය පත් නොවන්නේය.
කෙටියෙන් පවසනවානම්:
· මුස්ලිම් වරුන්
අතර සන්නද්ධ අරගල සංවිධාන ඇත්තේම නැත. ඒ පිළිබද ව ඔවුන් ආයතනමය වශයෙන් හෝ සමාජියිය
වශයෙන් හෝ සිතා බලල ද නොමැත.
· ආයතනයම වශයෙන්
අයිතිවාසිකම් පිළිබද අන්තවාදී අරගල සංවිධානය හෝ, අන්තවාදි දේශපාලන අරගල සංවිධාන ද,
ඔවුන් සතු නොමැත්තේය.
සත්‍යය මෙපණක් පැහැදිලිව
තිබිය දී, ඇයි දැන් මේ මුස්ලිම් වරුන්ට විරුද්ධව, හඬ නැගෙන්නේ?
සංවිධානයක් බිහි වන බව
කීම, ඉතා ගැඹුරුව සිතන්නට කරුණක් වේ. ඊ ළඟ කොටසේ ඒ පිළිබදව යොමුවන්නෙමු.